හැටන් පොලිස් වසමට අයත් ෆොඩයිස් වතුයායේ එන්සී කොටසේ රාත්‍රී කාලයේ සැරිසරන කඳුකර කොටියෙකු හේතුවෙන් එම වතුයායේ වතු කම්කරුවන් භීතියට පත්ව සිටිනවා.
දිනපතා රාත්‍රී කාලයේ තම නිවාස අසලා පැමිණෙන කඳුකර කොටියා තම නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු පිනිස රැගෙන යන බවයි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටියේ.
තම වතුයාය අසල තිබෙන ලඳු කැලෑවක වෙසෙන කඳුකර කොටියන් රාත්‍රී කාලයේ ගොදුරු සොයා තම නිවාස අසලට පැමිණෙන බවත්, එසේ පැමින තම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයින් ගොදුරු පිණිස අල්ලාගෙන යන බවත් එම වතුයායේ වතු කම්කරුවන් පවසනවා.
පවතින තත්ත්වය මත රාත්‍රී කාලයේ නිවසින් බැහැරට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවයි වතු කම්කරුවන් වැඩිදුරටත් පවසන්නේ.
මේ වන විටත් තම වතුයායේ නිවෙස්වල ඇති කළ සුනඛයින් රැසක් කඳුකර කොටියා විසින් ගොදුරු වශයෙන් රැගෙන ගොස් ඇති බවද වතු කම්කරුවන් කියා සිටිනවා.
මෙලෙස සැරිසරන කඳුකර කොටියා අල්ලා වෙනත් සුදුසු පරිසරයකට ගෙන ගොස් මුදාහරින ලෙස හැටන් ෆෝඩයිස් වතුයායේ වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.
එම කඳුකර කොටියා ඊයේ(03) දින අලුයම ගුරුවරියකගේ නිවසකට පැමිණ නිවසේ ඇති කළ සුනඛයා රැගෙන යන අයුරු එම නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.