Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කටුනායකින් දොර වැසුණු තිදෙනාට රටතුළට ඒමට අරුන්දික වරම් දෙයි

    කටුනායකින් දොර වැසුණු තිදෙනාට රටතුළට ඒමට අරුන්දික වරම් දෙයි

    ටී.කේ.ජි. කපිල - කටුනායක
    2023-05-21කියවීමට මිනිත්තු 3ක් ගතවේ.130 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ චීන ජාතිකයෙකු සහ ඔහුගේ චීන සහ ඊජිප්තු ජාතික මිතුරන් දෙදෙනා යළි රටින් පිටුවහල් කිරිමට සිටියදී මෙරට ප්‍රබල අමාත්‍යවරයකුගේ මැදිහත්වීම මත රට තුළට ඇතුළත් වීමේ පුවතක් කටුනායක ගුවන් තොටුපොළෙන් වාර්තා වනවා.

    අදාළ විදේශිකයන් තිදෙනා කටුනායක ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරෙමින් සිටි නිසා, ඔවුන් පැමිණි ගුවන් සේවා යානයකින් පිටුවහල් කිරීම සඳහා “රඳවා තබා ගැනීමේ” කුටියක රඳවා තබා තිබෙනවා.

    ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ලිඛිත ඉල්ලීම මත, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුප්පිටිය මහතා විසින් දෙන ලද උපදෙස් මත මොවුන් නිදහස් කර රට තුළට ඇතුළු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

    මැයි 18 දින රාත්‍රී 09.50 ට මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

    එසේ ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් පැය දෙකකට පමණ පසුව ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම සඳහා නිශ්කාශන කටයුතු කර ගැනීමට ආගමන විගමන නිලධාරීන් හමුවට පැමිණි ඇති අතර, එහිදී මෙම කණ්ඩායමේ නායක චීන ජාතිකයා, අප්‍රිකාවේ ” ගිනි ” රාජ්‍යයේ කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    මොහු ඩුබායි සිට කටුනායක දක්වා පැමිණීමට භාවිතා කර ඇත්තේ ද එම ගුවන් ගමන් බලපත්‍රයයි.

    එහෙත් කටුනායක ගුවන් තොටුපළේ දී එම ගුවන් ගමන් බලපත්‍රය එහි ජීව දත්ත පිටුව වෙනස් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මොවුන් තිදෙනා එක්ව ගුවන් තොටුපළ තුළ කළහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන තිබෙනවා.

    එහිදි ආගමන විගමන නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර, එම ගුවන් සේවා “රැඳවුම් කුටිය” වෙත ආපසු පිටුවහල් කිරීම සඳහා යොමු කර තිබුණි.

    එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබූ අතර, මෙම ගුවන් මගීන් අල්ලස්දීමට ද තැත් කර තිබූ බවට ආගමන විගමන නිලධාරීන් ප්‍රකාශ කරනවා.

    පසුව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා, මොවුන් ආයෝජකයන් පිරිසක් බැවින් නිදහස් කරන ලෙස ඉල්ලීමක් කරමින් ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා මැයි 20 දින අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සඳහා නිදහස් කර තිබෙනවා.

    මේ ආකාරයට ගුවන් තොටුපළ තුළ සහ එහි වැසිකිළි තුළ සැඟවෙමින්, කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර මත ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීම පිළිබඳව ආගමන විගමන නිලධාරීන් සිය මවිතය පළ කර සිටිනවා.

    පෙර පුව​තඋමා ඔය ජල විදුලි බලාගාරයෙන් විදුලි බල මණ්ඩලයට විදුලිය
    ඊළඟ පුව​ත යල කන්නයට අද සිට සහනාධාර වවුචර්පත්

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group