නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ ඖෂධ පෙති තොගයක් , රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා කුළු බඩු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, තාල්පාඩු ප්‍රදේශයෙහි පදිංචිකරුවෙක්.
සැකකරු සන්තකයේ තිබී ඖෂධ පෙති 56,870ක් , රූපලාවණ්‍ය ද්‍රව්‍ය හා කුළු බඩු තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක්ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එම සැකකරු, ඖෂධ පෙති, රූපලාවන්‍ය ද්‍රව්‍ය, කුළුබඩු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණා.