වට්ස්ඇප් ගිණුම් මිලියන 6යි දශම 8ක් ඉවත් කර ඇති බව මෙටා සමාගම පවසනවා.
මෙම වසරේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු වට්සැප් ගිණුම් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙටා සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ වට්ස්ඇප් විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟයි .
එම පියවරයන් අතර, වට්සැප් විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයින්ව දැනුවත් කර තිබෙනවා.
අපරාධකරුවන් විසින් වට්සැප් ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන ගෘප් චැට් වලට පරිශීලකයින් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනය ද මෙහිදී ඉලක්ක කර ඇති බව මෙටා සමාගම පවසනවා.