ඊයේ මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ගත්තා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහළොවකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් දෙසිය අසූ නවයක් වනවා. එමෙන්ම ඔක්ටේන් අනු දෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දොළහකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් තුන්සිය පහක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් හතකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් එකසිය අසූ පහක් වනවා. මිට අමතරව ඔක්ටේන් අනු පහ වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ. මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සාපේක්ෂව එම ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් වෙනස් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්













