ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කළ යුතු වනවා.

මේ අනුව නොවැම්බර් 14 වන දා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් මහජන ඡන්දයෙන් තේරී පත් වන මන්ත්‍රීවරුන් 106 ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරුන් 29 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 ක් වනු ඇති.

පාර්ලිමේන්තුව ආරම්භ වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමට හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content