උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුවක් නොවැම්බර් 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේ නීතිඥවරුන් ඉල්ලා සිටියේ මෙම නඩුව හා සම්බන්ධ නඩු භාණ්ඩ හා ඇතැම් ලේඛන කොළඹ මහාධිකරණයේ අංක හතර ශාලාවේ පවතින නඩුවක් හා සම්බන්ධව තිබෙන බවයි.
ඒවා කැඳවීමට දිනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.
ඒ අනුවයි මෙම නඩුව නොවැම්බර් මස 28 වනදා කැඳවීමට නියම කළේ.










