එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.
මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද එක්ව සිටියා.
මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව කථානායකතුමන් වෙත පිළිගන්වුවා.
“කෘතීම බුද්ධිමය යුගයේ මිනිසුන් සහ හැකියාවන්” යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘතිම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර තිබෙනවා.
රටක් සංවර්ධනය කිරීමට, එරට ආර්ථිකය සහ සමාජය හැඩගැස්වීම වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදාගෙන ජනතාවගේ පරිකල්පනය බළ මුළු ගැන්වීමට උපකාරී වීම මෙම මානව සංවර්ධන වාර්තාවේ මූලික අරමුණ වන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසහටනේ නියෝජිත අසූසා කුබෝටා මිය විසින් සඳහන් කළා.