එළැඹෙන අධ්‍යන පොදු සහත්ක පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා .
ඒ අනුව එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි සඳහන් වන්නේ .
මෙම අයදුම්පත් ඉදිපිත් කිරීමට අවස්ථාව හිමි වන්නේ 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ටයි.
ඒ අනුව මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.