පහ වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී ප්‍රශ්න පත්‍රවල අසභ්‍ය වචන මුද්‍රණය වීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පවත්වන ලද මෙම ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ට අසභ්‍ය වචන සහිත ප්‍රශ්න පත්‍ර ලබාදී තිබූ බවට මේ වන විට හෙළිව තිබෙනවා.
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල්වලට මෙලෙස අසභ්‍ය වචන ඇතුළත් ප්‍රශ්න පත්‍ර බෙදාදී තිබූ අතර පසුව ඒවා නිවැරදි කළ බව ද උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.