උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා
ඒ අනුව අද පස්වරු 12.40ට කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය සහ පස්වරු 3.00ට මහනුවර සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය දෙකක් අවලංගු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ.
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, ඊයේ දින පස් කන්දක් කඩා වැටීම නිසා පිලි පැනීමකට ලක්ව තිබුනා.
ඒ හේතුවෙන් අද දින උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු කල අතර මහනුවර සිට ධාවනය වන ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 04 ක් අවලංගු කර තිබෙනවා.
එම දුම්රිය පිලි ගත කිරීමේ කටයුතු තවත් ප්‍රමාද වීම නිසා අදාළ දුම්රිය ගමන් වාර දෙක අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන්නේ.