උගන්ඩාවේ අධිවේගී මාර්ගයක බිහිසුණු බස් රථ අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා .
එහිදී බස් රථ දෙකක් එකිනෙක වැටී සිදුවු අනතුරකින් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 63 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
කම්පාලා අගනුවර සිට උතුරු නගරයක් වන ගුලු අතර අධිවේගී මාර්ගයේ අද අලුයම මෙම අනතුර සිදුව තිබුණා .
එහිදී බස් රථයක් තවත් බස් රථයක ගැටී අනතුර සිදුව තිබුණේ අනතුරක් වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදීයි.
අනතුරින් බස් රථ දෙකෙහි වූ තවත් මගීන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා වල දැක්වෙනවා.
මෙහිදී අදාළ බස්රථ තවත් වාහන දෙකකද ගැටී ඇති බව වාර්තා වනවා .
පසුගිය කාලය තුල නැගෙනහිර අප්‍රිකානු රටක සිදු වූ දරුණුතම මෝටර් රථ අනතුර ලෙස මෙය හැදින්වීමට හැකියාව පවතිනවා ..
එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේදී, නිරිතදිග කෙන්යාවේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවසට පැමිණේමින් සිටි බස් රථයක් පෙරළී ප්‍රපාතයකට පෙරළී මෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබුණා.