ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.
ඉරානය එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙලෙස ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය රැස් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ගත් තීරණ මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාර 300ට අධික ප්‍රමාණයක් එල්ල කර තිබුණා.