ලෙබනනයේ නැගෙනහිර බෙකා නිම්නයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ අතර ළමුන් 25 දෙනෙකු ද සිටින බවයි.
ප්‍රහාර හමුවේ තුවාල ලැබූ ජනතාවට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ හිඟ වීම හේතුවෙන් බලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.