අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවයි.
යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කරන බව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබෙනවා.
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීම සදහා අමෙරිකාවේ මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඊට ඊශ්‍රායලය ද එක්ව සිටින බවත්, කටාරය සහ ඊජිප්තුව එහි මැතිහත්කරුවන් ලෙස කටයුතු කරන බවත් සඳහන්.
එමෙන්ම ඊශ්‍රායලය මෙන්ම හමාස් සටන්කාමීන්ද සටන් විරාමය සදහා එකග විය යුතු බවත් එසේ නොවනු හොත් යුද්ධය තවත් දිග් ගැස්සෙනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.