දිවයිනේ ස්ථාන දෙකක දී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
එම ඝාතන ඊයේ සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කලේ.
පූඩළුඔය, ඩන්සිනන්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලුවලින් සහ ගල්වලින් පහරදී ඝාතනය කර තිබුණා.
එලෙස මියගොස් ඇත්තේ, ඩන්සිනන්වත්ත, පූඩළුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර මදුරන්කුලිය පොලිස් වසමේ කඩයාමට්ට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, කඩයාමට්ට, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක්.