පිඹුරත්තෑව ප්රදේශයෙන් ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලියෙකු පැය 10කට අධික මෙහෙයුමකින් පසුව අලියා වැටුණු තැන සිට කිලෝමීටර් විස්සක් පමණ දුරකදී ගොඩ ගැනීමට හැකිව තිබෙනවා.
එලෙස ගොඩ ගත් වන අලියා වෙහෙරගම රක්ෂිතයට පලව ාහැර ඇති බවයි වාර්තා වන්නේ.
පිඹුරත්තෑව සහකාර අඩවි ආරක්ෂකවරයා කියා සිටියේ මෙම අලියාට වයස අවුරුදු හතළික් පමණ වන බවයි.
බීමට ජලය ලබාගැනීමට පැමිණි වන අලියා ඉසෙඩ් ඩී ඇලට වැටී ඇති බවත් ගොඩ ගැනීම සඳහා පොලිසිය සහ ප්රදේශවාසීන්ගෙන් සහය ලැබී තිබෙනවා.
මාදුරුඔය පිඹුරත්තෑව ප්රදේශයෙන් ඇළට වැටුණු අලියා ගොඩගෙන අත්තේ අරලගංවිල මැදගම ප්රදේශයෙනි.