මාසික සිදු කරනු ලබන ඉන්ධන සංශෝධනය අදට යෙදී තිබෙනවා.
එහෙත් අද(31) දිනයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සුත්‍රයට අනුකූලව මිල සංශෝධනය සිදු කරනු ලබනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 289ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 325ක් ලෙසත් ලංකා භූමිතෙල් රුපියල් 185ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.
ලංකා පෙට්‍රල් 95 රුපියල් 341ක මිලකටත් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 305කට මිලකටත් අලෙවි කෙරෙනු ඇති.