ඉන්දියාව විසින් පාකිස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 35කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරය හමුවේ පාකිස්ථාන රජය එරට අගනුවර වන ඉස්ලාමාබාද් සහ පන්ජාබ් පළාතේ පාසල් වසා දමා ඇති බව ද සඳහන්.
එමෙන්ම ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ජම්මු, සම්බා, කතුවා, රාජෝරි සහ පූන්ච් ප්‍රදේශවල සියලුම පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන ද අද දිනයේ වසා තැබීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙනවා.