
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. අදාළ සංචාරය සැප්තැම්බර් මස පළමු සතිය තුළ සිදුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය අතර සාකච්ඡාවක් ද පසුගියදා පවත්වා තිබෙනවා. මෙම සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ ඉහළපෙළේ නියෝජිතයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.














