ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ජන්ටිනා සංචාරයේදී එරට ජනාධිපති ජේවියර් මිලෙයි සමඟ ඩ්‍රෝන් තාක්‍ෂණය වැනි නව ක්ෂේත්‍රවල සහයෝගීතා මාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් දෙපොළ අතර සිදු වූ ද්විපාර්ශ්වික හමුවෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු ලේකම් පී. කුමාරන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි අතර සංවාදය ඩ්‍රෝන යානා භාවිතය සහ ඒවා යෙදිය හැකි බහුවිධ අරමුණු ඔස්සේ සැලකිය යුතු ලෙස පැවැති බවයි. මෙහිදී විශේෂයෙන්ම මසුන් ඇල්ලීමේදී නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම යන ගැටලු හමුවේ ධීවරයින් ආර්ජන්ටිනාවේ සුවිශේෂී ආර්ථික කලාප ආක්‍රමණය කිරීම සඳහා එය භාවිතා කිරීම පිළිබඳද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
- කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
- නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- T20 ලෝක කුසලානයේ අද තරග














