උතුරු ඇෆ්ගනිස්ථානයේ අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වයෙන් 300කට අධික පිරිසක් මියගොස් ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා.
බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක පහකට පෙරේදා අධික වර්ෂාවක් පතිත වී තිබූ අතර, නිවාස, පාසල් සහ ගොඩනැගිලි රැසක් ජලයෙන් යටවී තිබුණා.
කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන තලේබාන් පාලනය ප්‍රකාශ කර ඇත්තේ මියගිය සංඛ්‍යාව 150 ක් පමණක් බවටයි.