නිවස අසලින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව්හැවිරිදි දැරියකගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇලේ තිබී ඊයේ(26) පස්වරුවේ සොයා ගත් බව දිඹුලපතන පොලිසිය පවසනවා.
මෙලෙස ඩෙවෝන් ඇළේ තිබී හමුව ඇත්තේ හැටන් කොටගල රොසිටා ජනපදයේ පදිංචිව සිටි කේතීස්වරම් ජසිතා නමැති දැරියකගේ සිරුරයි.
මල්වර උත්සවයකට මව සමග යාම සඳහා සිය වැඩිමහල් දියණියට ඇඳුම් අන්දවා දැරියගේ මව ලැහැස්ති වී සිය දියණිය සොයන අවස්ථාවේ දියණියගේ සිරු ඩොවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබී හමුව ඇති බවයි දිඹුලපතන පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේ.
මියගිය දැරියගේ නිවස ඉදිරිපිටින් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයකට දැරිය වැටී එම ජල පහර දිගේ මීටර් 100ක් පමණ එපිටින් වූ ඩෙවෝන් ඇළට දැරිය ගසාගෙන යන්නට ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන දිඹුලපතන පොලිසිය සැක පළ කරනවා.
මියගිය දැරිය නිවුන් දරුවෙක බවත් ඇයට තවත් නැගෙනියකුද සිටින බවයි ජීවිතක්ෂයට පත් බිළිඳාගේ ඥාතීන් කියා සිටියේ.
මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.