පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායමක් විසින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පිළිබද අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බව එහි හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ”අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය” නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කල බව ඊයේ මාධ්‍ය හමුවක කැඳවමින් ප්‍රකාශ කළා .
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවයි.
එහි කැඳවුම්කරු ලෙස සසිඳු පෙරේරා නම් කර තිබුණා .
කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මේ දක්වා කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන මදුෂාන් චන්ද්‍රජිත් පවසන්නේ, ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බවයි
ඔහු මේ බව සදහන් කලේ නිවේදනයක් නිකුත් කරමින් .
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයේ ප්‍රධානම අභියෝගය වී ඇති ශිෂ්‍ය ව්‍යාපාරය දුර්මුඛ කිරීම සඳහා සරසවි ශිෂ්‍ය නායකයන් යැයි කියාගත් තම රූකඩ යොදා ගනිමින් මෙම කටයුතු සිදු කරන බව අදාළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.