ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර තිබෙනවා .ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරනු ලබනවා . උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙන් ශ්රී ලංකාව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමටයි ලෝක බැංකුව තීරණය කර ඇත්තේ .
පසුගිය වසරේ සිට ශ්රී ලංකාව මෙම දර්ශකයට ඇතුලත්ව සිටියා .
මෙවර දර්ශකයේ ප්රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි උද්ධමනය සියයට 261 ක් බව ලෝක බැංකුව පවසනවා .දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනාව හිමිකරගෙනතිබෙනවා .