ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට අබුඩාබිහිදී පැවැත්වෙනවා.
B කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයට හොංකොං කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරග වදිනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර පළමු පන්දු රැකීමටයි ඔවුන් තීරණය කරනු ලැබුවේ.
ඒ අනුව පළමුවෙන් පිතිකරණයේ යෙදීමට හොංකොං කණ්ඩායම පිටියට පිවිස තිබෙනවා.
තරගයේ දෙවන පන්දුවාරය නිමාවට පත්වන විට හොංකොං කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
දැවී ගිය ක්‍රීඩකයා වන්නේ Anshy Rath යි.
මේ අතර තරගාවලියේ පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර පැවැති අතර ඉන් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
දෙවන තරගය පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඉන්දිය කණ්ඩායම අතරයි.
එම තරගයෙන් ඉන්දීය කණ්ඩායමට දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූවා.
තරගාවලියට කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටින අතර එම කණ්ඩායම් A සහ B ලෙස කාණ්ඩගත කර තිබෙනවා.
ඒ අනුව A කාණ්ඩය යටතේ ඉන්දියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, ඕමාන් සහ පාකිස්ථාන් කණ්ඩායම් තරග වදිනවා.
B කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය, හොංකොං, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනවා.
A කාණ්ඩයේ මේ වන විට පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව සිටින අතර ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම B කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබෙනවා.