2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා. ඒ, ඕමාන සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි.
දෙරට අතර මෙම තරගය “ඒ” කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙනු ඇති. මෙරට වේලාවෙන් රාත්‍රී 08.00 ට තරගය ආරම්භ වීමට නියමිතයි.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕමාන සහ පාකිස්තාන කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.
මේ අතර ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයෙන් කඩුලු 07 ක් ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ, හොංකොං කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි .
ඒ අනුව පිටියට පිවිසි හොංකොං කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කදුළු 07 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 143 ක්.
ලකුණු 144 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 04 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහි ඉලක්කය පසු කර යාමට සමත් වුණා.