අද අළුයම් කාලයේ ඊච්චන්කුලම් පොලිස් වසමේ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ පුරුෂායා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
මියගිය කාන්තාව වයස අවුරුදු 37 ක් වූ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙනවා.
සැකකරුද තම ගෙල කපා ගැනීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.













