යල කන්නය සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර එළැඹෙන මස 12 වන දාට පෙර බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා.
එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එලෙස ඕමානයෙන් මෙරටට ආනයනය කර ඇති පොහොර ප්‍රමාණය මෙටි්රක් ටොන් 31,250 ක් බවයි.
ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් තවත් යූරියා මෙටි්රක් ටොන් 3600 ක ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.