ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී එය සිදු කෙරෙන බවයි.
88 වන වියේ පසුවූ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත වුවා.
ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි.
අවසන් කටයුතු හෙට පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකෙරෙනු ඇති.