ඊශ්‍රායලය සහ ඉරානය වෙහෙසට පත්ව සිටියද දෙරට අතර ගැටුම නැවත ආරම්භ විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සමගාමීව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ඉරානය සමග ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමටද තම පරිපාලනය සැලසුම් කර ඇති බවයි. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කිරීමට ද හේතු වූයේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක වීම බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එම සාකච්ඡා ලබන සතියේ යළිත් පැවැත්වීමට තම පරිපාලනය සැලසුම් කර ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
උණුසුම් පුවත්
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්










