ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් ලබා දීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කරලා තියනවාඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කථානායකවරයා විසින් සාධාරණ වේලාවක් ලබා නොදීම හේතුවෙන් .සමගි ජන බලවේගය කියන්නේ රටට වැදගත් ජාතික වැදගත්කමකින් යුත් හදිසි කාරණයක් පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.
මීට පෙර හිටපු කිසිම කතානායකවරයෙක් මේ විදිහට විපක්ෂ නායකට හෝ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කතා කරන්න බාධා කලේ නා කියලා තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියන්නේ.මීට පෙර අවස්ථා කිහිපයකදීම විපක්ෂයට සිදුවන මෙම අසාධාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළත් ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ .ඒ නිසා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට තීරණය කළා කියලා තමයි සමගි ජන බලවේගය සදහන් කලේ.මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ඡාවකුත් කරලා තියෙනවා.