ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් දිස්ත්‍රික්කයේදී පියා විසින් තම නව හැවිරිදි දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
දියණිය මරා දැමූ අවස්තාවේදී මෙම පියා බීමතින් සිට ඇති බව වාර්තා වන අතර තම දියණිය බයිසිකල් පදිමින් සිටියදී එයින් වැටී ඇති බවත් එයින් කෝපයට පත් වූ පියා දැරිය නිදා සිටියදී පොරවෙන් කොටා මෙම ඝාතනය කර ඇති බවත් වාර්තා වනවා.
මෙම ඝාතනයෙන් පසු පැය 24 ක් ඔහු ඇගේ දේහය පරන්ද තාලුකාවේ ඔවුන්ගේ නිවසේ තබාගෙන ඇති අතර පසුව ලද තොරතුරක් මත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.