මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා සඳහන් කලේ වෙනත් වසර වලට සාපේක්ෂව මෙවර ආදායම ඉහළ ගොස් ඇති බවයි.
මේ වසරේ අප්‍රේල් මස 10 වන දා සිට 15 වන දා දක්වා වු දින 06 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235ක් ලෙස වාර්තා වී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.