ආනයනික අල මිල පහළ යාම හේතුවෙන් දේශීය අල මිලදී නොගැනිම නිසා අල ගොවීන් පත්ව ඇති දුෂ්කරතාවන්ට විසඳුම් ලබාදීමේ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා.
අමාත්‍ය ලාල් කාන්ත මහතා සමග පැවති මෙම සාකච්ජාවේදී තම ගැටලු වලට විසඳුම් ලැබුණ බවයි ගොවි මණ්ඩල කමිටු නිලධාරීන් ප්‍රකාශ කළේ.
දේශීය අල ගොවීන්ගේ ප්‍රධාන ගැටලුවලට පිළිතුරු සොයමින් ඔවුන් ආරක්ෂා කරන අතර පාරිභෝගිකයන්ටද අසාධාරණයක් නොවන ආකාරයෙන් තීන්දු තීරණ ගැනීම පිළිබඳ සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුණා.
නොයෙක් ක්‍රමවේදයන් සහ නව අදහස් සාකච්ජාවකට ගැනුණු අතර ගැසට් පත්‍රිකාවක් මගින් ගැටලු වලට විසඳුම් ලබාදීමටයි මෙහිදී දෙපාර්ශවයේම එකඟතාව පළවුණේ.