වන අලි ගමන් කරන මාර්ග හෙවත් අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව විල්පත්තුව, කුණාටුවැව, පොල්ලන්කැලේ, බලලුවැව, හත්පටුනාව යන අලි කොරිඩෝ ඒ අතරට ඇතුළත්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය සැලසුම සකස් කර තිබෙනවා.
එලෙස අලි කොරිඩෝ 7 ක් විවෘත කරන්නේ, අලි – මිනිස් ගැටුම අවම කිරීමේ මූලික පියවරක් ලෙසයි.