අල්ලස් මුදලක් ලබාගැනිමේ චෝදනාවක් සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොවිදුපුර, බරවාය ග්‍රාම නිලධාරි වසමට අනුයුක්තව සේවය කරන ලද ග්‍රාම නිලධාරිනියක බවටයි වාර්තා වන්නේ.
අල්මාරියක් ලබාගැනීමට රුපියල් 23,500ක මුදලක් ගෙවන ලද බිලක් ලබාගන්න අවස්ථාවේදී අදාළ නිලධාරිනිය අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
අත්අඩංගුවට ගැනුණු ග්‍රාම නිලධාරිනිය සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.