අරුගම්බේ ප්‍රදේශයේදී විදේශීය ජාතික කාන්තාවකට ලිංගික අතරවර සිදු කළ සැකකරුවෙක් තිරුක්කෝවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ විදේශ ජාතික කාන්තාවකට යම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පසුගිය දිනවල සංසරණය වීම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරීක්ෂණය කරන ලද බවයි.
ඒ අනුව ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසය සහ තිරුක්කෝවිල් පොලිස් ස්ථානය විසින් විමර්ශනය ආරම්භ කර තිබෙනවා.
එහිදී සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව තිරුක්කෝවිල් පොලිසිය මෙම සිදුවීමට අදාළ බවට සැකසහිත බවට තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට ඊයේ(16) දින ලද තොරතුරක් මත පෙරියනිලාවේනි පොලිස් බලප්‍රදේශයේදී සැකකරු ඊයේ(16) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වූ එල්ලෙයිවීදිය, කළුවංචිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සිදුකරන ලද විමර්ශනවලට අනුව අදාළ විදේශීය ජාතික කාන්තාවට මෙම අපරාධය සැප්තැම්බර් මස 25 වන දින සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සංචාරක කොට්ඨාසය, තිරුක්කෝවිල් හා පොතුවිල් පොලිස් ස්ථාන මගින් දැඩි ප්‍රයත්නයක් දරා ක්‍රියා කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානය වෙනස් කරමින් අත්අඩංගුවට පත්විම වැළැක්වීම සඳහා කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොතුවිල් පොලිස් ස්ථානයට භාරදීමට නියමිතයි.











