
බණ්ඩාරගම වෙන්දේසිවත්ත, මස්විල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 19කට ආසන්න ප්‍රමාණයක් සමඟ තරුණයෙකු හොරණ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ හොරණ පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුනා. එහිදී අයිස් කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 672ක් සන්තකයේ තබාගෙන සිටි 22 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














