උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට පස් කඳු සහ ගල් කඩා වැටීම හේතුවෙන් මෙම බාධා මතුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ මාර්ග කිහිපයක් අවහිරව ඇති බව බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
එම හේතුවෙන් මහජනතවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම දෙපාර්තම්න්තුව පවසන්නේ.