එම විවාදය දෙසැම්බර් මස 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 05 වැනිදා පස්වරු 6.00 ට පැවැත්වීමයිට නියමිතයි.
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි ඊයේ සම්මත වුණා.
දැන් විදෙස් පුවතක්
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමක්
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබෙනවා.
පොලිස් ස්ථානය තුල ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස පුපුරාගොස් ඇති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් 27ක් තුවාල ලබා තිබෙනවා.
කෙසේ නමුත් තුවාල ලැබූවන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
මියගිය අය අතරට පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් නිලධාරීන් ද ඇතුලත්.
පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබුවා.
ඔවුන්ගෙන් දෙදෙනෙකු කාෂ්මීරයේ පදිංචිකරුවන් වූ වෛද්‍යවරුන් වන අතර ඔවුන් සම්බන්ධ විමර්ශන සිදුකර තිබුනේ නව්ගම් පොලිස් ස්ථානය යටතේයි.
එහිදී ඔවුන්ට දැවැන්ත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමටද හැකි වූ අතර, එම තොගය පරීක්ෂාකිරීමට යාමේදී මෙලෙස පුපුරාගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
- 06 වසරට සිසුන් ඇතුළත් කිරීමේ කාලය දීර්ඝ කරයි
- නීති විරෝධී බීඩි කොළ සහ පළිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
- විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු මධ්‍යස්ථානයක්
- ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
- වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
- පොලිස් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 996ක් හසුවෙයි
- ‘බුද්ධශාසන සභාව’ රැස්වෙයි













