අමෙරිකාවේ, මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
පිහි ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිචිගන්හි පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගේ අනන්‍යතාවය මෙතෙක් හෙළි කර නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව එරට බලධාරීන් පවසන්නේ.