සෝමාලියානු රජය විසින් අමෙරිකාවට ගෙවීමට තිබූ ඩොලර් බිලියන 1.1 කට වැඩි ණය ප්‍රමාණයක් අවලගු කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

එම ණය ප්‍රමාණය සෝමාලියාව විසින් විදේශ රටවලට ගෙවීමට ඇති ණය මුදලෙන් හතරෙන් එකක කොටසක් වනවා.

දිගුකාලීන අර්බුද රැසකට මුහුණ දී සිටින සෝමාලියාවට මෙය මහත් අස්වැසිල්ලක් බවයි සොමාලියානු ජනාධිපති, හසන් ෂෙයික් මොහොමඩ් සදහන් කළේ.

දශක තුනකට අධික කාලයක් පවතින සිවිල් යුද ගැටුම් හමුවේ සෝමාලියාව, සාගතය ඇතුළු දරුණු ව්‍යවසනයන් රැසකට මේ වනවිට මුහුණ දී සිටිනවා.

WhatsApp Group

Skip to content