අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ රාජ්‍ය ලේකම්වරයා මාර්තු 01 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි.
එහිදී ඔහු ජි 20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට ද එක්වනු ඇති.
ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්විපාර්ශවික සාකච්ඡා වට කිහිපයකට ද එක්වීමට නියමිතයි.
ඉන්දියාවට පැමිණීමට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කසකස්තානයේ සහ උස්බෙකිස්තානයේ ද සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.