අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද (10) පෙරවරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්කයන් වේගවත් හා කාර්යක්ෂමව කිරීම වෙනුවෙන් බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව අද(10) පෙරවරු 10ට පමණ ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් මෙහිදී දිවුරුම්දීම නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.