මෙරටට අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.
ශ්‍රී ලංකාව සමග යහපත් සබදතා වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම යන කරුණු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දූත මණ්ඩල ප්‍රධානීන් සමග සාකච්ඡා කළා.
ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ.
ඉන්දුනීසියා තානාපති එස් එස් ප්‍රේමවර්ධන, බ්‍රසීල තානාපති සී ඒ සී අයි කොලොන්නේ, මාලදිවයින් මහ කොමසාරිස් එම් ආර් හසන්, තුර්කි තානාපති පී බී කදුරුගමුව, නේපාල තානාපති රුවන්ති දෙල්පිටිය, කොරියා තානාපති එම් කේ පත්මනාදන්, ඕමාන තානාපති කේ එස් ද අල්විස් යන මහත්ම මහත්මීන් මෙම දූත මණ්ඩල පිරිසට ඇතුළත්.