Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අප්සරාවියන්ට ප්‍රසිද්ධ සිගිරියේ උප පොලිස් පරික්ෂිකාවක් කුෂ් හා අයිස් සමග ”අතුරුදහන්” අල්ලයි

    අප්සරාවියන්ට ප්‍රසිද්ධ සිගිරියේ උප පොලිස් පරික්ෂිකාවක් කුෂ් හා අයිස් සමග ”අතුරුදහන්” අල්ලයි

    කාංචන කුමාර - දඹුල්ල
    2025-09-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1,240 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සීගිරියේ ”අතුරුදහන්” නමින් ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙකු සීගිරිය පොලිසියේ උප පොලිස් පරීක්ෂිකාවක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු පිරිසක් විසින් ඊයේ(04) දින පස්වරුවේ සැකපිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    සීගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා එන් .ඩබ්ලිව්. වින්ද්‍යා දර්ශි මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද හදිසී මෙහෙයුමකදී පොලිස් පරීක්ෂිකා වින්ද්‍යා දර්ශි මහත්මියට නැගුනු සැකයක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.

    සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිරුවෙකු වන ප්‍රදේශයේ ”අතුරුදහන්” අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු සන්තකයේ තිබීම කුශ් ග්‍රෑම් 100 ක් මිලිග්‍රෑම් 280 අයිස් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 11 රුපියල් විසිතුන් දහසකට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන දෙකක් සන්තකයේ තිබීම අත්අඩංගුවට ගැනීමට මෙම උප පොලිස් පරීක්ෂිකාවට හැකි ව තිබෙනවා.

    මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල සහකාර පොලිස් අධිකාරියේ ඩබ්ලිව්.ජී.එන්.එම්. චන්ද්‍රසේකර මහතාගේ නියෝගයක් අනුව සීගිරිය පොලිසියේ ස්ථානාධිපති ජේ.ජී.එන්. තිලක් කුමාර මහතා ඇතුළු පොලිසියේ නිලධාරීන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ(04( දින පස්වරුවේ සීගිරිය පොලිස් වසම පුරා සිදු කර තිබෙනවා.

    එහිදී පොලිස් කණ්ඩායමක් භාරව කටයුතු කරනු ලැබ ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා වින්ද්‍යා දර්ශි මහත්මියයි. තම කණ්ඩායම සමග යතුරු පැදිවලින් ග්‍රාමීය ප්‍රදේශවල මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටින අතර රංගිරිගම ප්‍රදේශයේ පුද්ගලයකු මහ මඟ බස් නැවතුමක් ළඟ බෑගයක් අත තබාගෙන රැඳී සිටින අයුරු ඈත සිටම උප පොලිස් පරීක්ෂිකාව දැක තිබෙනවා.

    ඇයගේ නිල ඇඳුම දුටු විගස අත තිබූ බෑගය හෙමින් සීරුවේ ඔහු පිටුපසට ගන්නා අයුරු පොලිස් නිලධාරිනියගේ නෙත ගැටී තිබෙනවා.
    වහාම යතුරුපදිය නැවතු ඇය මෙම පුද්ගලයා සතුව තිබූ ගමන් බෑගය අත්අඩංගුවට ගෙන සෙසු පොලිස් නිලධාරීන් සමග ඔහුගේ කලිසම පරීක්ෂා කර තිබෙනවා.

    එහිදී එක සාක්කුවක තිබී අයිස් මත්ද්‍රව්‍ය බෑගයේ සඟවාගෙන තිබූ කුෂ් නමැති මත්ද්‍රව්‍යාත් සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
    සැකකරු මිට පෙර ද ගංජා සමග මෙම උප පොලිස් පරීක්ෂිකාව විසින්ම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකරු පිළිබඳව අධිකරණයට අද(05) දින කරුණු වාර්තාකොට රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා ගන්නා බව සීගිරිය පොලිසිය පවසනවා.

    පෙර පුව​තඋඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 4ක් ඇනහිටියි
    ඊළඟ පුව​ත ඇල්ල බස් අනතුර: ජීවිතක්ෂයට පත්වූන්ට ලක්ෂ 10 බැගින් වන්දි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group