Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපරාජිත ඉන්දීය කණ්ඩායමට තවත් සුපිරි ජයක්

    අපරාජිත ඉන්දීය කණ්ඩායමට තවත් සුපිරි ජයක්

    2023-10-30කියවීමට මිනිත්තු 3ක් ගතවේ.76 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 29 වැනි තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 100ක දැවන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට පියවර ගත්තා.

    ඒ අනුව පන්දුවට පහරදීට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 229ක් ලබාගැනීමට සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු 101කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 87ක් රැස් කිරීමට නායක රෝහිත් ශර්මා සමත් වූවා.

    සූර්යකුමාර් යාදේව් පන්දු 47කදී ලකුණු 49ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර හතරක්ද සමගින්.

    කේ.එල්. රාහුල් ලකුණු 39ක්ද ජස්ප්‍රීට් බුම්රා ලකුණු 16ක්ද ලබාගැනීමට සමත් වූවා.

    රවීන්ද්‍ර ජඩේජාට ලබාගැනීමට හැකිවූයේ ලකුණු අටක් පමණයි.

    නොදැවී පන්දුවට පහර දුන් කුල්දිප් යාදෙව් ලකුණු 9ක් ලබා සිටියා.

    සුබ්මන් ගිල් ලකුණු 9කටත් ශ්‍රෙයාස් අයිර් ලකුණු 4කටත් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙම තරගයේදී ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

    පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් විලි කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූවා.

    ක්‍රිස් වෝක්ස් සහ අදිල් රෂිඩ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා. මාර්ක් වුඩ් හට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි.

    ලකුණු 230ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 345කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 129ක් පමණයි.

    එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ලකුණු 27ක් ලබාගත් ලියම් ලිවින්ග්ස්ටෝන් ය.

    ඩේවිඩ් මලාන් ලකුණු 16ක්ද නොදැවී පන්දුවට පහර දුන් ඩේවිඩ් විලි ලකුණු 16ක්ද ලබාගැනීමට සමත් වූවා.

    මොයින් අලි ලකුණු 15කටත් පොනි බැරිස්ටෝව් ලකුණු 14කටත් අදිල් රෂීඩ් ලකුණු 13කටත් දවා ගැනීමට ඉන්දීය පිතිකරුවන් සමත් වූවා

    නායක ජොස් බට්ලර්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 10යි.

    ක්‍රිස් වෝක්ස් ලකුණු 10කට දැවී ගියා.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුලු හතරක් දවා ගැනීමට මොහොමඩ් සමී සමත් වූවා.

    ජස්ප්‍රිට් බුම්රා කඩුලු ත=නක්ද කුල්දිප් යාදෙව් කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවා.

    රවීන්ද්‍ර ජඩේජාට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි.

    ඒ අනුව තරගය ලකුණු 100කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා.

    තරගයේ වීරයා ලෙසින් රෝහිත් ශර්මා නම් කෙරුණා.

    මේ අතර ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණ ගැනීමට තවදුරටත් සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා.

    ඒ සහභාගි වූ තරග හයෙන් හයම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 12ක් ලබාගනිමින්.

    දෙවන ස්ථානයේ දකුණු අප්‍රිකාවත් තෙවන ස්ථානයේ නවසීලන්තයත් පසුවනවා.

    සිව්වන ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

    ශ්‍රී ලංකාව පස්වන ස්ථානයේ පසුවන අතර හයවන ස්ථානයේ පසුවන්නේ පාකිස්තානු කණ්ඩායමයි.

    හත්වන ස්ථානයේ ඇෆ්ගනිස්ථානයත් අටවන ස්ථානයේ නෙදර්ලන්තයත් පසුවනවා.

    බංග්ලාදේශ කණ්ඩායම 9 වන ස්ථානයට පත්ව ඇති අතර 10 වන ස්ථානයට පත්ව සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.

    මේ අතර තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන සිටින ක්‍රීඩකයා වන්නේ ක්වින්ටොන් ඩි කොක්ය.

    ඔහු තරග ඉනිම් හයකට සහභාගි වී ලකුණු 431ක් ලබා සිටිනවා.

    දෙවන ස්ථානයේ පසුවන ඩේවිඩ් වොර්නර් තරග හයකදී ලකුණු 413ක් ලබා සිටින අතර තරග හයකට සහභාගි වූ රචින් රවීන්ද්‍ර ලකුණු 406ක් ලබාගනිමින් තෙවන ස්ථානයේ පසුවනවා.

    මේ අතර වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ඇඩම් සම්පා සමත් සිටින අතර ඔහු මේ දක්වා තරග හයකදී දවාගෙන සිටින කඩුලු සංඛ්‍යාව 16ක්.

    ජස්ප්‍රිට් බුම්රා සහ මිචෙල් සන්ට්නෙර් කඩුලු 14 බැගින් දවා ගනිමින් පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානවල පසුවනවා.

    මේ අතර තරගාවලියේ වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා වන්නේ ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මායි.

    ඔහු එල්ල කර ඇති හයේ පහර සංඛ්‍යාව 20ක්.

    හතරේ පහර 44ක් එල්ල කර ඇති දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටොන් ඩි කොක් වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කරන ලද ක්‍රීඩක ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා.

    මේ අතර තරගාවලියේ 30 වන තරගය ලෙසින් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

    තරගය ඉන්දියාවේ පුනේහිදී පැවැත්වීමට නියමිතයි.

     

    පෙර පුව​තවැටුප් වැඩිවීමක් ඉල්ලා අද දිවයින පුරා උද්ඝෝෂණ
    ඊළඟ පුව​ත අද විරෝධතාවයට ජාතික ජන බලවේගයේ සහය

    සබැ​ඳි පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group