අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
වෙසක් පොහොය නිමිති කරගෙන ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව බන්ධනාගාර අධිකාරිවරයා අතඅඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එම සිද්ධියේ විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා ජූනි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණු අතර දැඩි ඇප කොන්දේසි මත ඔහුව ඉකුත්දා මුදා හරිනු ලැබුවා.