මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සදහා සංඥා සහ විදුලි සංදේශ පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් නිකුත් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය මීට පෙර ඇමරිකානු ඩොලර් මිලියන 14.89 ක වියදමින් ණයක් ලෙස ඉන්දීය රජයෙන් දීමටයි යෝජනා කර තිබුණේ.
ඉන්දියානු රාජ්‍ය අංශයේ ආයතනයක් වන ඉර්කෝන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.
ඉන්දීය ආධාර ඇතිව, උතුරු මාර්ගයේ ධාවන පථ පැයට කිලෝමීටර 100 දක්වා දුම්රිය වේගයට සහාය වන පරිදි වැඩිදියුණු කිරීමට නියමිතයි.
මීට සමගාමීව දියුණු සංඥා පද්ධතියක් හරහා මගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම තුළින් දුම්රිය සේවාවන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීමට අපේක්ෂා කෙරෙනවා.
මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ව්‍යාපෘතිය 2026 අගෝස්තු වන විට අවසන් කිරීමට නියමිතයි.